නීතීඥවරු අලුත් කඩේ වීදී බසිති : ගෙදර යන්නැයි අග විනිසුරුට කියති


අග විනිසුරු මොහාන් පීරීස්  මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්නැයි පවසමින් කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගයද වසා නීතීඥ එකමුතුව අද (12) උද්ඝෝෂණයක් ඇරැඹීය.

අග විනිසුරුවරයාගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත් හිටපු අග විනිසුරු  ශිරාණි බණ්ඩාරනායක එම තනතුරට සුදුසු බවත් ඇයට බලවත් අසාධාරණයක් සිදු වු බවත් ඔවුහු මෙහිදි පැවසුහ.

නීතීඥ එකමුතුව හා සිවිල් සංවිධාන සමාජිකයෝ 250 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටියහ.

_DSC0105

_DSC0111_DSC0114