නීතීඥවරිය වංචාවකට අල්ලයි


වැලිවේරිය වෑබොඩ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක් වංචා කළැයි සැකපිට නීතීඥවරියක (31) අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් විශේෂ විමර්ශන අංශය කියයි.

නීතීඥවරිය ගම්පහ දිස්ත්‍රික්කයේ උසාවියක සේවය කරන්නීය.

වෑගොඩ පදිංචි තරුණිය මිනුවන්ගොඩ තරුණයකු සමග විවාහ වී ඇති බවත්, 2011 වසරේදී සැමියා දික්කසාද නඩුවක් ගොනු කළ බවත්, දික්කසාදය දීම සඳහා තරුණිය රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ඉල්ලා ඇති බවත් පොලීසිය කියයි.

ඊළග නඩුවාරයේදී උසාවියේදී සැමියා නීතීඥවරියට රුපියල් ලක්ෂ පහ දුන් නමුත් ඇය ඒ මුදල තමාට නොදුන් බව පොලීසියට කියා ඇත.