නීතීඥවරිය අත්අඩංගුවට ගන්නැයි උසාවියෙන් නියෝග


විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා ලාභීන්ගේ මුදල් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පළ කළ මාධ්‍ය වේදිනියකට ද , පරීක්ෂණ පවත්වන පොලිසියට ද තර්ජනය කළ බව කියන නීතීඥවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

එම වංචා සිද්ධියේ සැකකාරිය ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඇත. ඇය අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර ඇත.