නීතීඥවරයකුගෙන් අයිතිවාසිකම් පෙත්සමක්


පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකු හමුවීමට නීතීඥවරයකුට අවසර නොදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඒ සම්බන්ධව නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

කොළඹ වේළුවන පාරේ පදිංචි නීතීඥ අංජන දිනේෂ් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.