නීතීඥ සංගම් ලේකම්කමට තුන්කොන් සටනක


ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම් ධුරය සඳහා වන නිළවරණය බදාදා  (17 ) පැවැත්වීමට නියමිතය.

සෙනරත් ජයසුන්දර, අමල් රන්දෙණිය සහ ඉරාජ් ද සිල්වා මහත්වරු තරගයට  ඉදිරිපත්ව සිටිති.

කොළඔ දිසා අධිකරණය ප‍්‍රමුඛ ලංකාව පුරා පිහිටි අධිකරණයන්හි ඡන්ද විමසීම එදින පෙරවරු 8 සිට සවස 5 දක්වා පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්ධුරය සඳහා ඉදිරිපත්ව සිටින නීතීඥ සෙනරත් ජයසුන්දර 1991 වසරේදී කොළඔ විශ්ව විද්‍යාලයයෙන් එල්.එල්.බී. නීතී උපාධිය ලබා ගත්තේය. එල්.එල්.එම්. උපාධියද ඔහු සතුය.

ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්ධුරය සඳහා ඉදිරිපත්ව සිටින නීතීඥ අමල් රන්දෙණිය මහතා 1998  නීතී විද්‍යාලයයෙන් නීතීඥවරයෙක් විය.

ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්ධුරය සඳහා ඉදිරිපත්ව සිටින නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා නීතී විද්‍යාලයෙන් 2000 දී නීතීඥවරයකු ලෙස සමත් විය.

ඔහු ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ විවිධ කටයුතු වලදී මෙන්ම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේදී කැපී පෙනෙන කාර්ය්‍ය බාරයක් කළේය.