නීතී ශිෂ්‍යයාට ඇප:අනතුරින් පසු පලා ගිහින්


ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි චමින්ද කරුණාරත්න මහතාගේ මෝටර් රිය කිරිබත්ගොඩදී අනතුරකට ලක් කළ බව කියන නීතී සිසු යෝහාන් රජීව් විජේසිංහ (31) රුපියල් පනස්දහසක ඇප දෙකක් මත මුදා හරින්නැයි මහර අතිරේක මහේස්ත්‍රාත්  මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.

සිද්ධිය සමථයකට පත්වීමට ඉඩ තිබු නමුත් අනතුරින් පසු නීතී ශිෂ්‍යයා සිය ජිප් රථයෙන් පලා ගිය බවත් කරුණාරත්න මහතා පස්සට පැන එම රියට යට නොවී සුළු තුවාල ලබා බේරුණු බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.