
(පද්මා කුමාරී කංකානම්ගේ)
නීතී විරෝධීව තීරු බදු රහිතව මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මිළ කළ නොහැකි වටිනාකමින් යුතු ඖෂධ හා එන්නත් විශාල තොගයක්, කල්පිටිය කන්ද කුලිය මුනේ දූපතේ වසා දමන ලද මා දැල් වාඩියක ගබඩා කර තිබියදී කල්පිටිය පොලිසිය විසින් අද (4) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ නිශ්පාදිත, කල් ඉකුත් වීමේ දිනය වසර දෙකක් දක්වා දිවෙන, ඉතා ඉහළ වෙළද වටිනාකමින් යුතු බටහිර ඖෂධ සහ එන්නත් ඇසුරුම් 16ක් මෙම වාඩියෙන් සොයාගත් බව පොලිසිය පවසයි.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.



