නීතියේ ආධිපත්‍ය උල්ලංඝණයවීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතියේ ආධිපත්‍ය පිළිබඳ ස්ථාවර කාරක සභාවක් පත්කර ඇත.
එම කමිටුවට හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 153, මිහිඳු මාවත, කොළඹ 12 යන ලිපිනයට ලිඛිතව හෝ සංගමයේ ඕනෑම ශාඛාවකට තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ”ලංකාදීප”යට පැවැසීය.
නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා කැඳවුම්කරුය, මෙම කමිටුවේ චන්ද්‍රා කුමාරගේ, ජේ.සී. වැලිඅමුණ, ඇන්ටන් පන්තියනායගම්, කමල් නිශ්ශංක, කේ.එස්. රත්නවේල්, සුනිල් ජයරත්න, සුනිල් වටගල, විජය නිරංජන් පෙරේරා යන නීතිඥවරු ද නාලිනී මනතුංග, නාලිනී ජයතිලක හා හරිෂ්කා සරමනායක යන නීතිඥවරියෝ ද සාමාජිකයෝය.