(සුජිත් හේවාජුලිගේ)
නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ විශේෂ දක්ෂතා ඇති නිලධාරීන් සීමා වී ඇති බවත් ඒ සීමිත කණ්ඩායමට වැඩි ලිපි ගොනු ප්‍රමාණයක් පැටවී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..
එක නිලධාරියකුගේ අත ෆයිල් 200 - 300 හිරවී ඇති එයින් පරීක්ෂණවල පමාවක් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම අඩුපාඩු දැන් නිවැරදි කරගෙන යන බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට රජය පියවර ගෙන ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්විණ.