නීතිපති පත් කරන්න සාකච්ඡා


නව නීතිපති පත් කිරීමට පෙර ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගද සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

නීතිපතිවරයා පත් කිරීමට ප්‍රමාදවීම සම්බන්ධව සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

මේ සඳහා සුදුසු පුද්ගලයන් නම් කිරීමේ බලය ජනපති සතු බවත් ස්විට්සර්ලන්ත සංචාරය නිසා නාම යෝජනා ප්‍රමාද වූ බවත් දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යන බවත් අගමැතිවරයා කීය.