(ඩයනා උදයංගනී)
පසුගිය කාලයේ දී නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකි බැවින් නව නීතිපතිවරයකු පත්කර නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ‘රාවණා බලය’ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අද (31) ලිපියක් බාර දුන්නේය.
පාර්ලිමේන්තුව විසුරුවන බව කියමින් පසුගිය වසරේ නොවැම්බර් 9 වැනිදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල බව නීතිපතිවරයා පැවසුව ද එය නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලූ පවතින බව එම සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.
ගැසට් නිවේදනය නිකුත් කිරීමට උපදෙස් දුන් නීතිපතිවරයා විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම මුළු මහත් රට වැසියන්ම දැඩි අපහසුතාවකට මෙන්ම භයානක ප‍්‍රතිවිපාකවලට ද මුහුණ දුන් නිසා නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුවම පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක්කරන ලෙස තම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ කීහ.
ඡායාරූප - ඉෂාන් සංජීව


