නීතිපති තනතුර දේශපාලනීකරණය වී ඇති බවත්, එය වැලැක්වීමට නම් නීතිපති තනතුර සුහද ගම්ලත් මහතාට ලබා දිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පැවසීය.
නීතිපති තනතුර සඳහා ගම්ලත් මහතා පත් නොකරනවා නම් ඊට හේතු ව්‍යවස්ථාදායක සභාව රටට කිව යුතු යැයි ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.


