නීතිපති උපදෙස් නෑ : රක්නා ලංකා නඩුව ජූනියට


රක්නා ලංකා ආරක්ෂක සමාගම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන ගිය අවි ගබඩාව සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 13 වැනිදාට කල් තැබිණි.

පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය අධිකරණය හමුවේ පැවසූවේ නඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න ගැන නීතිපති උපදෙස් ලැබී නැති බවයි.

කුරුඳුවත්ත පොලීසිය පසුගිය ජනවාරි 16 වැනිදා පරීක්ෂා කර අවි තොගයක් සොයා ගත්තේය.