පෙරහරට යොදා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දුන් අලි ඇතුන් 15 දෙනා ගැන වෙන වෙම සොයා බලන ලෙස ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
විනිසුරුවරයා එලෙස නියෝග කළේ නීතිපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රතිශෝධන අයදුමක් සලකා බලමිනි.
එලෙස වෙන වෙනම විමර්ශනය කර නීත්‍යනුකූල බලපත්‍ර ඇති අලි ඇතුන් මුදා හරින ලෙසත්, එලෙස බලපත් නොමැති අලි ඇතුන් වනජීවී බාරයට පත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
නීතිපති විසින් ගොනු කැරුණු ප්‍රතිශෝධන අයැදුම දෝෂ සහිත බැව් ප්‍රකාශ කළ වෛද්‍යතිලක මහතා දෙපාර්ශවයේම එකගත්වයෙන් නඩු කටයුතු අවසන් කළේය.