නිරූපණයට තුළින් ගමනක් යෑමට සැරසෙන නවක නිරූපිකාව වන ඇය නීතිඥවරියක වීමට ඉගෙනීම් කටයුතු කරමින් සිටින්නීය. තවමත් නව යෞවුන් වියේ පසුවන ඇය නමින් ශානිකා සංදීපනී මුණසිංහයි. ඇගේ කලා කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිටට’ මෙලෙසින් ගොඩවැදුණාය.
ඔබගේ නම කිව්වොත්?
ශානිකා සංධීපනී මුණසිංහ. ඒත් හැමෝම දන්නේ ශානි කියන නමින්
ඉගෙන ගන්නවාද? නැත්නම් රැකියාවක් කරනවාද?
APIIT university එකේ මං තාම ඉගෙන ගන්නවා. LLB (hons) උපාධිය හදාරනවා.
එතකොට මොඩලින් කරන්නේ?
පොඩි කාලේ ඉඳන්ම මගේ කැමැත්තක් තිබ්බා මොඩලින් පැත්තට. ඉගෙන ගැනීම් කටයුතු කරන අතර, නිරූපණය පැත්තෙනුත් ඉස්සරහට යන්න බලාපොරොත්තුත වෙනවා.
ඉගෙනීමට බාධාවක් නැද්ද?
නැහැ. ඒක මං ඉගැනීමට බාධාවක් කරගන්නෙ නැහැ කොහොමත්, ගාණට දෙකම සමබර කරගෙන ඉන්නවා. මොකද නීතිඥවරියක් වීම තමයි මගේ ලොකුම හීනය. ඒ අතරතුර ඇක්ටින් පැත්තෙන් ඉස්සරහට යන්නත් මගේ කැමැත්තක් තියෙනවා.
ගෙදරින් කැමැතිද නිරූපණයට එකතු වුණාට?
ඔව්, ගෙදරින් එහෙම ප්‍රශ්නයක් නැහැ. අම්මයි තාත්තයි ගොඩක් ඒ වැඩවලට උදවු කරනවා.
නිරූපණය හොඳයි කියලා හිතනවාද?
හ්ම්ම්ම්.. ඔව් හොඳයි. හොඳට කරගෙන ගියොත් ඉස්සරහට යන්න පුළුවන් ක්ෂේත්‍රයක් කියලා මං හිතනවා.
නිරූපණයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?
නැහැ. මම මුලින්ම කිව්වා වගේ ඉගෙනීම පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරතුරෙ මොඩලින් සහ ඇක්ටින් පැත්තෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
දැනට නිරූපණයෙන් දායකවූ වැඩ කිව්වොත්?
ෆොටෝ ෂූට්ස් නම් ගොඩක් කරලා තියෙනවා. බ්‍රයිඩල් සහ කැෂුවල්. තව බ්‍රයිඩල් ෂෝ සඳහා දායක වුණා. මං ශ්‍රී ටීවි එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. what's up programme එක සහ දෙරණ නාළිකාව ඔස්සේ විකාශයන වුණු පෝය ටෙලි නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වුණා. ‘අපේක්ෂා’ ටෙලි නාට්‍යය සඳහාත් දායක වුණා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
රංගනයන පැත්තෙන් ඉස්සරහට යන්න නම් කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඉතිං නිරූපණ වැඩ කටයුතු කරගෙන, ඉගෙනීමේ වැඩකටයුතුත් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙන මගේ අම්මටයි, තාත්තටයි මුලින්ම ස්තූති කරනවා. මට මුලින්ම ෆීල්ඩ් එකට එන්න සහයෝගය දුන්නු සුජිත් රාජපක්ෂ අයියා සහ යෙහාන් ඩිලන්ත අයියයි, තව මට උදවුකරන හැමෝම මං මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද