නීතිඥයාට ගැසූ දෙන්නෙක් ඇල්ලෙති


කෝට්ටේ රජමහා විහාරයේ භික්සූ ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවිය අසලදී පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීම පොලිසියෙන් දැන්වූ නිසා තම වර්ජන ක්‍රියා මාර්ගය අත්හළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් මහින්ද ලොකුගේ මහතා කියයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ හිමි දෙනම  ඝාතන සැකකරැවන් වන  ගොඩිගමුවේ බස්නායක නිළමේ පී. හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති පෙරේරා (20), තණමල්විල බෝදාගම එන්.ඒ. සුරේෂ් ජානක (26) අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඡායාරෑප- සුමින්ද සුදර්ශණ පතිරණ