හෙට (21) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය දින නියමයක් නැතිව කල්දැමීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව නීතීඥ සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා කීයයි.
නිලවරණයේ කටයුතුවලින් අධිකරණ සේවා විනිසුරුවරුන්ගේ සංගමය ඉවත්වීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම නිලවරණ පැවැත්වීමට නොහැකී බවද ඒ මහතා පවසයි.
මඩකළපුවේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

