වම් අත කපා ඉවත් කැරුණු දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ නීති පීඨයේ අවසන් වසරේ අචලා ප්‍රියදර්ශනී සිසුවිය පුහුණුවන නීති නිලධාරිනියක ලෙස රැකියාවට බදවා ගන්නා බව එලයන්ස් ඉන්ෂුවරන්ස් සමාගම කියයි.
සුවවූ පසුව රැකියාව බාරගන්නැයි එම සමාගමේ පිරිසක් ඉකුත්දා රෝහලට පැමිණ අචලාට දැනුම් දුන්නේය.
අචලා ඊට එකවූ බව ‘අචලාට අතක්‘ සංවිධානයේ සභාපති ජයන්ත දෙහිඅත්තගේ මහතා කියයි.