නීති සම්මේලනය ලබන මාර්තුවේ


ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කරන 2016‐ ජාතික නීතී සම්මේලනය  ලබන මාර්තු 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වාද්දූව බ්ලූවෝටර් හෝටලයේදී පැවැත්වෙන බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා පැවසීය.

‘‘ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඇති ගමන් මඟ’’ යන තේමාව යටතේ පැවැත්වෙන 2016 ජාතික නීතී සම්මේලනය  මඟින් ජනවාර්ගික අසමගිය සහ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සඳහා මුල්වූ හේතු යන කරුණු පිළිබඳ සංවාදයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බවද නීතීඥ සංගම් සභාපතිවරයා එම සංගම් මූලස්ථානයේ අද (7) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මෙවර නීතී සම්මේලනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර නීති විශාරදයින් සහ විශේෂඥයින් සම්මේලනය අමතන බවද අලගරත්නම් මහතා කීය.

Law_201512742 Law_201512745