නීති සතිය හෙටින් ඇරැඹේ


‘යුක්තිය ඔබ වෙත‘  යන තේමාව යටතේ නීතීය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ නීතී සතියක් හෙට (27) සිට ලබන මස 05 වැනැදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු යොදා ඇත.

ලංකාව පුරා මධ්‍යස්ථාන රැසකදී නීතීඥවරුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව මෙම නීතී සතිය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි කැඳවුම්කරු නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා පැවසීය.

‘යුක්තිය ඔබ වෙත‘ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම නීතී සතිය තුළදී නීතී උපදෙස් හා නීතී ආධාර නොමිලේ සැපයීම, සාමාජීය ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය නීතී අංශ පිළිබඳව කතිකාවතක් ඇතිකිරීම සහ මහජනතාව වෙත නීතීය පිළිිබ`දව කතිකාවතක් ඇති කිරීමට අදහස් කොට ඇති බව පැවසු නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා මෙහිදී නීතී අත්පොතක් එළිදැක්වීමටද කටයුතු යොදා ඇතැයිද පැවසීය.