ශ්‍රී ලංකා නීතීඥ සංගමය , අධිකරණ අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජාතික නීති සතිය ලබන 23 වැනි දා සිට 29 වැනි දා දක්වා කොළඹ අලූත්කඩේ අධිකරණ පරිශ‍්‍රයේදී සහ තෝරාගත් මධ්‍යස්ථාන හතකදී පැවැත්වීමට යයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා කියනුයේ නොමිලයේ නීති සේවා සපයන බවයි.
කොළඹ, නුවර , යාපනය , ගාල්ල , මාතර , අනුරාධපුරය ,මඩකලපුව සහ මාරවිල මධ්‍යස්ථාන හතක නීති ආධාර සායන,පාසල් සිසුන් ,විශ්ව විද්‍යාල සිසුන් ,රජයේ සේවකයින් සහ මහජනතාව ඉලක්ක කර ගත් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, දිවයින පුරා තෝරා ගත් අධිකරණ පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීමේ වැඩසටහන් ආදි විවිධ වැඩසටහන් ද පැවැත්වේ.


