ගෙදරදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නීති ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනීගේ අතක් වැලමිට ළගින් කපා ඉවත්කිරීමට සිදුවූ බව කොළඹ ජාතික රෝහල කියයි. ඇට බිදීමකට ලක්ව මාතර රෝහලට ඇතුළත්කළ මෙම ශිෂ්‍යාව කොළඹට එවා තිබූ බවත් අත කැපීම හැර කළ යුතු අන් දෙයක් නොවූ බවත් වෛද්‍යවරු කියති. මාතර රෝහලේදී කිසියම් ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් සිදුවී දැයි සොයා බැලීම සදහා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අණින් පරීක්ෂණයක්ද පැවැත්වේ.

