කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක වන ඌරුබොක්කේ හීගොඩ අචලා ප්‍රියදර්ශනීගේ (23) වම් අත කපා දැමීමට සිදුවූයේ අත බේරා ගැනීමට නොහැකි වූ නිසා යැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ කියයි.
මේ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බව ඔහු ද, ඇය දෙවැනි වරට ප්‍රතිකාර ගත් මාතර රෝහලේ අධ්‍යක්ෂිකා දොස්තර සමින්දි සමරකෝන් ද කියති.
සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් අරඹා ඇති බවත්, පරීක්ෂක කණ්ඩායමක් සඳුදා මාතර පැමිණීමට නියමිත බවත් ඇය කියන්නීය.
පසුගිය 17 වැනිදා ගමේදී පඩිපෙලකින් වැටී හීගොඩ රෝහලට ඇතුළු කළ ඇය එතැනින් මාතරට යොමු කළ බවත්, පසුගිය 18 වැනිදා කොළඹ රෝහලට එවූ බවත් දැනගන්නට ඇත.
ඇය ජාතික රෝහලට ඇතුළු කරන විට අත නිල් වී ‘මැරී‘ තුබූ බව වෛද්‍යවරු කියති.
මාතරදී ඇයට ප්ලාස්ටර් ඔෆ් පැරිස් බැන්ඩේජය දමා තිබිණි. බැන්ඩේජය දැමූ පසු ටික වේලාවකින් අත හිරිවැටී නිල් වූ බව ඇය කියන්නීය. ඇය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කිරීමට මුලින් අදහස් කළත් එහි වෛද්‍යවරයා නොසිටි නිසා අධිවේගී මාර්ගයෙන් කොළඹට යැවූ බව මාතර රෝහල් අධ්‍යක්ෂිකාව කියන්නීය.
ඇගේ මව ලෙබනනයේ රැකියාවකට ගොස් සිටින්නීය.

