නීති විරෝධි දුම්වැටි සමඟ අයෙක් මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි  ගුවන් මගියෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන , කොළඹ - 10 , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙකි .

 ඔහු ඊයේ (09)  රාත්‍රී 07.15 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .