නීති කඩන්නැයි හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියයි


‘මැතිවරණ කොමිසමට යුතුකමක් තියෙනවා මේ ඡන්දය පවත්වන්න. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව කිව්වේ අපේ නියෝජිතයකු නැතිනම් බදු ගෙවන්නේ නැහැ කියලා. ඔවුන් සටන් වැදි  ජයගත්තා. අපිත් ඇමරිකා එක්සත් ජනපදය ආදර්ශයට ගෙන පළාත් පාලන ඡන්දය පවත්වනතුරු අපි බදු ගෙවන්නේ නැහැ කියලා කිව යුතු‘ යැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වාද්දූවේදී පැවසීය.

හිටපු පළාත් සෞඛ්‍ය ඇමැතිවරයකු වූ ජගත් අංගගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු එසේ කීවේය.