යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ මනල්කාඩුවේ කොටි සංවිධානය සමයේ වැළලූ බව කියන රත්තරන් තොගයක් හෝ නිධානයක් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හතර දෙනකු පොලීසියට දුන් බව කියන තොරතුරුවලට සම්බන්ධ නීතිඥවරයකු, පොලිස් නිලධාරියකු හා නිළියකට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් කේ.ගණේෂරාජා මහතා නොතීසි නිකුත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂක නිමල් රත්නායක, නීතිඥ ගාමිණී ධර්මදාස හා නිළියක් වන සමන්මලී කල්‍යාණරත්න හෙවත් අමාලි යන අයට එසේ නොතීසි නිකුත් කැරිණි.

