නිළියගේ කාරයේ වීදුරුව කඩා ලක්ෂ 35 ක රන්බඩු හොරා ගනී


අභාවප්‍රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය සනෝජා බිබිලේ නිළියගේ කාරයේ වීදුරුව කඩා කාරයේ දොර ඇර රුපියල් ලක්ෂ 35 ක් වටිනා රන්බඩුද රුපියල් 30,000 ක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් 32,000 ක්ද අඩංගු අත් බෑග් දෙකක් රැගෙන පළා ගිය බව කියන සොරකු සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ ඇරඹීය.

සනෝජා ඇගේ සහෝදරිය හා පියා කාරයෙන් පැමිණි බවත් වැඩි ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ රැගෙන ආ බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.

sanoja_20151129 sanoja_20151129-2 sanoja_20151129-3