(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වේ
මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන මහත්වරැන් වෙනුවෙන්ද ශෝක යෝජනා විවාද මෙදින පැවැත්වීමට නියමිතය
මේ අතර සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට (22) විවාදයට ගැනේ
මේ අතර සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අනිද්දා (23)ද ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 24වැනිදා පැවැත්වේ.
පාර්ලිමේන්තුව හෙට (22) සිට ලබන 25 දක්වා රැස්වෙයි