වසර 42ක පමණ කාලයක් ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ වත්මනෙහි අසනීප තත්වයෙන් පසුවන ප‍්‍රවීණ රංගධර නිහාල් ප‍්‍රනාන්දු ගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඒ මහතාගේ බොරලැස්ගමුවේ නිවසට ගියේය.
1973 වර්ෂයේ සුභ සහ යස නාට්‍යයෙන් නාට්‍ය ජීවිතය ආරම්භ කර ඇති නිහාල් ප‍්‍රනාන්දු මහතා දැනට හෘදයාබාධයකින් පෙළෙයි. දරු දෙදෙනකුගේ
පියෙක් වන ඔහු අද ඉතා අසරණ තත්වයකට පත්ව සිටී.
කලාවට ඇති ආදරය නිසාම 1996 වසරේ දී ඔහු ,අමාන්තය චිත‍්‍රපටය නිෂ්පාදනය කළේය. තමාට අයත් නිවසය බැංකුවට උගස්කර ලබාගත් මුදල ඔහු එයට
වියදම් කළේය. කාලයාගේ ඇවෑමෙන් අසරණ වූ නිහාල් ප්‍රනාන්දුට ජනමාධ්‍ය ඇමැතිවරයා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ අනුග‍්‍රහයෙන් මූල්‍යමය ආධාරයක්ද පිරිනමන ලදී.




