ඉතාලියේ නාපොලි නගරයේ වාසයකරන ශ්‍රී ලාංකීක ප්‍රජාව වෙනුවෙන් තුන් තිස් වසරක තිස්සේ කරන ලද විවිධ සමාජ මෙහෙවර අගයමින් මාර්ක් ඇන්ටනි පෙරේරා මහතාණන් වෙත උපහාර පුදනු පිණිස උලෙළක් අද ( 02 ) සවස 5ට නාපොලි දාන්තේ චතුරශ්‍රයේදී පැවැත්වේ.
මාර්ක් ඇන්ටනි පෙරේරා මහතාණන් නාපොලි නගරයේ වාසයකරන ශ්‍රී ලාංකීක ප්‍රජාව වෙනුවෙන් කරන ලද භාෂා උපකාරක සේවාව ,ක්‍රීඩා ප්‍රවර්ධන මෙහෙවර,අවමංගල්‍ය උපකාරක මෙහෙවර ,වෘත්තීය වරප්‍රසාද හිමිකම් සඳහා මාර්ගෝපදේශක මෙහෙවර ,ආදී විවිධ ආකාරයෙන් කරනලද මෙහෙවර වෙනුවෙන් මෙසේ උවසර පිදෙනුඇත .
අවසන පැවැත්වෙන සංගීත ප්‍රසංගයකි .උපාලි ප්‍රනාන්දු ,ෂෙහාන් හේරත්,කෙනඩි වර්ණකුල ,නලින් හේරත්, ජූඩ් රංජන් ,ප්‍රියන්ත වික්‍රමනායක ,නෙලුම් රේණුකා ,කෙනත් වාස් ,හැම්ලට් ප්‍රනාන්දු ,ඈන් සුරණි ,ඉන්දික රාජපක්‍ෂ ,ආදීහු සංගීත ප්‍රසංගයේ රස මවති.