නිෂාන්ත රණතුංගගෙ ‘බේල්ස්‘ ගලවයි


නිෂාන්ත රණතුංග මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට යළි පත් කර ගැනීමට එරෙහිව අප්‍රේල් 17 වන තුරු ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද අතුරු තහනමක් නිකුත් කළේය.

මීගමුවේ නිෂාන්ත ඇන්තනී ද සිල්වා විසින් ගොනු කැරුණු මේ පෙත්සමේ වගඋත්තරකරුවෝ 24 දෙනෙක් වෙති.

එම කාලය තුළදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිම කටයුත්තකට නිෂාන්ත රණතුංග මහතා සහභාගී වීම වළක්වමින් මේ වාරණය නිකුත් කර ඇත.