නිෂා බිස්වාල් එයි


ඇමරිකා එක්සත් ජනපදියේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අද අලුයම 5 ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඉන්දියාවේ මුම්බායි හි සිට පැමිණි ගුවන් යානයකින් ඇය මෙරටට පැමිණි අතර ඇය සමග පස් දෙනකුගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ ඇතැයි ගුවන්තොටුපළ ආරංචි කියයි.

බිස්වාල් ඇතුළු පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ හා ඇමරිකා තානාපති කාර්යාලයේ පිරිසක් කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරටදී ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.