සීඑස්එන් නාළිකාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින නිශාන්ත රණතුංගට ඇප ලබාදීමේ තීන්දුව බදාදාට (16) කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා නියෝග කළේය.
නිශාන්ත රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඔහුට ඇප ලබාදීම පිළිබඳව හෙට සලකා බැලීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග සමග සැකපිට අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ ඇතුළු අනෙක් සිව් දෙනාට සඳුදා (14) ඇප ලැබිණි.

