නිවේදිකාවක් වීමට සිහින මවන ගුරුවරිය


2016-10-26-ent-26

විශ්වවිද්‍යාල සිසුවියක් වන සරෝජා වසන්ති විනෝදාංශයක් ලෙස නිරූපණ කටුයුතු සඳහා යොමුවූ තිබේ. නිවේදිකාවක් වීමේ සිහිනයද ඇය සතු වන අතර, ඇගේ ඉගෙනීමේ කටයුතු සහ නිරූපණ කටයුතු පිළිබඳව කතා බහ කිරීමට "සාරවිට" සමග එකතු වූ මොහොතකි මේ.

 

ඔයාගෙ නම කිවුවොත්?

2016-10-26-ent-32සරෝජා වසන්ති

 

ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

ඉගෙන ගන්නවා. ඒත් එක්කම ඉගැන්වීමේ කටයුතු කරනවා

 

විශ්වවිද්‍යාල සිසුවියක්ද?

ඔව්, විශ්වවිද්‍යාල සිසුවියක්.

 

මොන අංශයෙන්ද?

කලා අංශයෙන්

 

නිරූපණය කරන්නේ ඇයි?‍

පොඩි කාලේ ඉඳන් මං මේ පැත්තට ගොඩක් ආසයි. පාසල් කාලයේ නර්තනයත් කළා. ඊට පස්සේ විනෝදාංශයක් විදිහට මේ පැත්තට යොමුවෙන්න හිතුවා.

 

ගෙදරින් අවසර දුන්නද?

මං කිසිම වැඩකට තනියම යන්නේ නැහැ. අම්මා මාත් එක්ක යනවා.

 

නිරූපණය හොඳද?

නිවැරදි විදිහට කරනවා නම් වැරැද්දක් නැහැ. හොඳයි.

 

ඒ සඳහා පිළිගැනීමක් තියෙනවාද?

ඔව්, හොඳ වැඩක් කළොත් අනිවාර්යෙන්ම පිළිගැනීමක් තියෙනවානේ.

 

අද බොහෝදෙනා නිරූපිකාවන්ට විවිධ වූ චෝදනා එල්ල කරනවා නේද?

ඔව්, ඒකනම් ඇත්ත. මිනිස්සු හිතන විදිහ අපිට වෙනස් කරන්න බැහැනේ.

 

නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඉදිරියට යන්න කැමතියි. ඒ නිසාම මං මේ දිනවල නිරූපණය පිළිබඳව ඉගෙන ගන්නවා.

 

ඒ කියන්නේ වෘත්තීය නිරූපිකාවක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

එහෙම ලොකු බලාපොරොත්තුවක් නම් නෑ. ඉගෙනීමේ වැඩ කරගන්න ගමන් මේ පැත්තටත් යොමුවෙන්න කැමතියි.

 

ඉදිරි කටයුතු ගැන කිවුවොත්

මේ වන විට මං බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් විදිහට ඉගෙන ගන්නවා. ඒත් එක්කම මං නිරූපණ වැඩවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම ඉන්දියානු නාට්‍යයක් සඳහාත් සහභාගී වුණා. ඉදිරියේදී නිරූපණයට අමතරව නිවේදිකාවක් වෙන්නත් ලොකු කැමැත්තකින් ඉන්නවා.

 

කවුරු හරි මතක් කරන්න ඉන්නවාද?

ඔව්, මට මේ තැනට එන්න ගොඩක් අය උදවු කළා. නම් වශයෙන් මතක් කරන්න අමාරු වුණත් මං ඒ හැමෝමව ආදරයෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ලහිරු දිල්රංග සිල්වා (077 448 3783)

 

2016-10-26-ent-31
2016-10-26-ent-30
2016-10-26-ent-29
2016-10-26-ent-28
2016-10-26-ent-27