නිවෙසට පැන ගෙහිමියා මරා භාණ්ඩ සොරා ගනී


(ඉන්දිකා රාමනායක)

කඩු පොලු රැගත් පිරිසක් කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ගෙහිමියාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ තිබූ  ඔප්පු සහ රුපියල් ලක්ෂ ගණන් වටිනා රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැලණිය පොලිසිය කියයි.

සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිය - පුතු දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මෙම කොල්ල කල්ලිය ඊයේ (26) රාත්‍රියේ මෙම නිවසට කඩා වැදී මෙම කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වරාගොඩ ප්‍රදේශයේ පදිංචි 63:හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැත.