ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස අමාත්‍ය පීටර් කෙනමන් මහතාගේ 97 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ මරදාන එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට කෙනමන් පිළිරුවට අද(12) පුෂ්පෝහාර දැක්විණි.
පීටර් කෙනමන් සැමරුම් සංසදය,පීටර් කෙනමන් මහතාගේ බිරිය වීඩා කෙනමන් මහත්මිය පිළිමයට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වුවාය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්වන මහාචාර්ය තිස්ස විතාරණ .ඒ එච්.එම් ෆවුසි,අමාත්‍ය රාජිත සේනාරත්න ,කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති ටයිටස් පෙරේරා මහතාද සහභාගී විය.




