නිවැරදිකරු බව තංගල්ල ප්‍රා සභාපතිත් කියයි


තංගල්ල හෝටලයක දී ඉතාලි ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා කෙළසීයැයි කියන නඩුවේ චෝදනාවලට නිවැරදිකරුවන් බව තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණගේ ඇතුළු පස් දෙනෙක් කොළඹ මහාධිකරණයේ දී අද ප්‍රකාශ කළහ.

ඔවුනට එරෙහි චෝදනා 17ක් නගා ඇත.

මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය දෙසැම්බර 02 වැනිදාට කල් තැබුවාය. සැකකරුවෝ පෙර ඇප මතම මුදා හරිනු ලැබූහ.