නිවාසාන්තර ක්‍රීඩා තරඟයට ගින්දරත් එකතු වේ


තිහගොඩ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වෙද්දී නිවාස තුනකට ගිනි තැබූ බව කියන පස් දෙනෙක් තිහගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පොල් අතු හා පිදුරු වලින් ඉදිකර තිබූ මේ නිවාසවල සිටි සිසුහු එළියට පැණගත්හ. සැකකරුවන් අතර පාසලේ ආදි සිසුන් දෙදෙනකු සිටින බව ද පොලීසිය කියයි.