(හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද (29) හට ගත් ගින්නකිය් එම වතු නිවාස පේලියේ තිබු නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද උදැසන 6 ට පමණ මෙම ගින්න එක් නිවසකින් හටගෙන සෙසු නිවාස වලට ගින්න පැතිර ගිය බවයි වතු කම්කරුවන් පවසන්නේ.
ගින්නෙන් එම නිවාස 24 පදිංචි පවුල් 24 කට අයත් සමාජිකයන් 150 ආසන්න ප්‍රමාණයක් අවතැන් වි සිටින අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොමැති අතර ගින්න මැඩ පැවැත් විමට හැටන් පොලිසියේ නිලධාරින්, වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය දැඩි උත්සාහයක නිරත විය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්න හේතුවෙන් අවතැන් වූවන් තාවකාලිකව එම වතුයායේම පොදු ස්ථානයක පදිංචි කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු භාණ්ඩ ආදියද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න පිළිබඳව හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.






