රංජිත් රාජපක්ෂ
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් විකල්ප තාවකාලික මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කේ. ඩී. බී. ආර්. දේවප්‍රිය මහතා පැවසීය.
නාය ගිය ස්ථාන අසළින්ම කන්ද කපා තාවකාලික මාර්ගයක් ඉදිකිරිම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ට ස්ථාන පරීක්ෂාවක් කර වාර්තාවක් ලබාදෙන ලෙසට ඉල්ලා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා කීය.
එම මාර්ගය ඉදිකරන තෙක් නායගිය ස්ථානයට ඉහළින් තේ වත්ත හරහා දැනට තිබෙන මාර්ගය පුළුල් කර සැහැල්ලු වාහනවලට පමණක් රථ වාහන ධාවනය කරවිමට එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව ඉංජිනේරුවරයා කීවේය.
කාසල්රි ජලාශයට ඉහළින් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් හා ප්‍රධාන මාර්ගය අසළ තිබූ නිවාස පහක් ඊයේ (15) අවස්ථා දෙකක දී කාසල්රි ජලාශයට කඩා වැටිණි