රංජිත් රාජපක්ෂ
නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය.
සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කොටසක් සහ එ අසල තිබු නිවාස පහක් කාසල්රි ජලාශයට නායයාම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම සඳහා අද (16) නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යට අදහස් දක්වමිනි.
කාසල්රි ජලාශයේ සිට ඉහළට විහිදි ඇති ගල් පොත්තක් මත තිබු පස් තට්ටුවක් මෙසේ නායගොස් ඇති බවත්, ප්‍රධාන මාර්ගයට ඉහළින් වු තවත් පස් කන්දක ජලාශය දෙසට නාය යන බව සමන්ත බෝගහපිටිය මහතා කීය.
මෙම නායයාම හේතුවෙන් පවුල් 7 කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ මේ වන විට ඔවුන්ගේ ඥාතී නිවෙස්වල තාවකාලිකව නතර වී තිබේ.

