ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩල දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති නිලූක කදුරුගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි බැවින් මෙම උත්සවයේ සභාපතිත්වයද ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් තානාපතිවරයාට හිමිවිය.
මෝල්ටෝවා රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තානාපති ක්‍රිස්ටෝපර් ග්‍රයිමා හා එක්සත් රාජධානියේ තානාපති ශ්‍රීමත් මාක් ලයල් ග්‍රන්ට් ද එයට එක්වූහ. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටවල තානාපතිවරුන් සහ තානාපති සේවයේ සේවක සේවිකාවන්ද ඊට එක්විය.





