නිවසකට ඇතුළුව පහරදුන්නැයි සුරාබදු නිලධාරීන් 5ක් අත්අඩංගුවට


( කේ බුද්ධික කුමාරසිරි)

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවට අඟවමින් ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර කර නිවසේ හිමිකරුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිළදාරීන් පස් දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව ගොතටුව පොලිසිය පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කරමින් සිටි අතරතුර සුරා බදු අට දෙනෙකු ගොතටුව පොලිසිය වෙත පැමිණ භාර වූ බවත් ඉන් තුන් දෙනෙකුගේ ප්‍රකාශ සටහන්  කර ගෙන ඉන් කිදෙනෙකු මුදා හැරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.

ඉකුත් 11 වෙනි දින රාත්‍රී කාලයේදී අදාල නිවස අසල වෙනත් නිවසක මත්දුව්‍ය  තිබෙන බවට ලද තොරතුරක් මත වැරදි නිවසකට මෙලෙස බලහත්කාරයෙන් ඇතුලු වී සෝදිසියක් සිදුකර ඇති බවත් එහිදී නිවෙස් හිමියාට සුරාබදු නිලදාරීන් විසින් පහර දී ඇති බවටත් එම පහරදීම වීඩියෝ ගත කල නිවසේ හිමිකරුගේ බිරිදගේ රාත්‍රී ඇදුම ඉරා දමා ජංගම දුරකථනය රැගෙන වීඩියෝ මකා දැමූ බවත් ඔවුන්ගේ කුඩා දරු නිවැසියන් විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.

එසේම නිවසෙහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ මාස 11 දරුවෙකු ද අදාල පහර කෑමට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් මාස 11 ක දරුවා තුවාල ලබා රෝහල් ගත කල බවත් එම පැමිණිල්ලෙහි වැඩ් දුරටත් සදහන්ව තිබූ බවද පොලිසය පවසයි