අපොස සාපෙළ විභාගය අද (08) ආරම්භ වුව ද අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හා නිවත්තක චේතිය විද්‍යාලයේ විභාග අපේක්ෂකයෝ අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ පෑහ.
විද්‍යාල දෙකෙහි ශාලාවල විදුලි බලය ඇන හිටීම හා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුහු දැඩි අපහසුතාවයට පත්වී සිටිති.
ශාලාවල පවතින අඳුරු සහගත වීම නිසා ඉටිපන්දම් දල්වා විභාගයට පිළිතුරු සැපයීමට සිදුවී තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියගෙන් විමසු විට ඇය මෙසේ පැවසුවාය.
‘සඳුදාත් අදත් පැවැති අධික වර්ෂාව පැවති අතර පන්ති කාමරවලට ඇත්තේ එක විදුලි බල්බයක් පමණක් බැවින් අඳුරු තත්වය මඟ හරවා ගැනීමට ඉටිපන්දම් උපයෝගි කර ගත්තා. සවස් වන වටත් මේ තත්ත්වය පැවතුණහොත් දැනට පවතින විදුලි බල්බවලට අමතරව වොට් ප්‍රමාණය වැඩි විදුලි බල්බ උපයෝගි කර ගන්නවා‘

