නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුණේ රඳවාගෙනැයි උපවාසයක


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පසුගිය දෙැසැම්බර් මස 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් නිකරැනේ නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ රදවාගෙන සිටීමට ගන්නා උත්සාහයට  විරෝධය පළකරමින් එම පිරිසේ 12 දෙනෙක් ඊයේ (29) රාත්‍රියේ සිට නිහාරව උපාවාසයක යෙදී සිටිති.

දෙසැම්බර් 2 වැනිදා කටුනායකට පැමිනි 276 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂනයකට ලක් කර නිල්වාලා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇත. එහිදී තිදෙනෙකු ආසාදිතයන් බව හෙළි වී ඇත. දින 14 ගතවීමෙන් පසු පැවති පරීක්ෂණයේදී තවත් එක් අයෙකු ආසාධිත බව හෙලිවීමෙන් පසු තවත් දින 14 ක් පිරිස නිරෝදායනයට ලක් කළ බව එම පිරිසේ සාමාජිකයෙක් පැවසීය.

ඒ වනවිට සියලු දෙනා එකම පහසුකම් භාවිතා කළ බවත් අනතුරුව පිරිස වෙන් වෙන් කාමරවල රැදී සිටිමින් වැසිකිලි පහසුකම් ආදිය බෙදාගෙන භාවිතා කළ බවත් මෙම පිරිස පවසති.

අනතුරුව පෙර්දා 28 යලි පී. සී.ආර් පරීක්ෂණයක් කර ඇති අතර එක් කාමරයක සිටි 6දෙනා අතරින් එක් අයකු ආසාධිතයකු බව එහිදී හෙළි වී ඇත. මේ තත්ත්වය මත වෙනත් කාමරවල රැදී සිටි පිරිසද තවත් දින 14 ක් නිරෝදායනයට ලක් කරන බවට කළ ප්‍රකාශයකට විරෝධය පල කරමින් 12 දෙනකු මෙසේ උපවාසයක යෙදීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් කීය.

ආසාදිතයා හමුවූ කාමරයේ සෙසු පස්දෙනා තවදුරටත් නිරෝධායනය කිරීම සාධාරණ වුවත් මේ වනවිට දින 30ක් ගත කර ඇතැයිද තමන්ව මෙසේ හිරිහැරයට ලක් කිරීම මහත් ගැටලුවක් බවද ඔවුහු පවසති. මෙම මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීන් තමන්ගේ ආහාර පාන පහසුකම් නිසි පරිදි ලබාදූන් බවද ඔවුහු සදහන් කළහ. එමෙන්ම පෙර වතාවන්හිදී ආසාධිතවූවන් පවා මේවනවිට සුවවී නිවෙස් බලා ගොස් ඇති පසුබිමක තෙවතාවක් පරීක්ෂණවලදී ආසාදිත බව හෙළි නොවූ තමන් මෙසේ තවදුරටත් රදවාගෙන සිටීම කණගාටුවට කරුණක් බවද ඔවුහු කියති.

මේ සම්බන්ධව නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයෙන් කළ විමසීමේදී එහි හමුදා සාමාජිකයකු පැවුසවේ උසස් නිලධාරීන්ගේ අවසරයක් නැතිව කිසිත් ප්‍රකාශ කළ නොහැකි බවයි.