නිල්වලා ගඟේ තෙල් ඉවත්කිරීම ඇරඹේ


අකුරැස්සේ පුද්ගලික ඉන්ධන පිරවුම් හළකින් නිල්වලා ගඟට කාන්දු වූ ඩීස්ල ඉවත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය එක්ව මේ වනවිට කටයුතු කරමින් සිටියි.

ජපානයෙන් ගෙන්වන ලද විශේසිත පෙරහුම් උපකරණ යොදා මතුපිටින් පාවී යන තෙල් තට්ටුව ඉවත් කරයි. ගඟෙන් ගොඩ ගන්නා තෙල් බැරල්වලට පුරවා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර මගින් ඒවා කොළඹ ගෙන යාම සිදුවේ.

ඉන්ධන පිරවුම් හළේ කළමනාකරු පොලිසියට පවසා ඇත්තේ ඩීසල් ලීටර 15,000ක් පමණ ගඟට මුසු වී ඇති බවයි. තෙල් තට්ටුව මේ වනවිට ගඟේ මෝය දක්වාම පැතිර තිබේ. සෙනසුරාදා උදෑසන මාතර ජල පොම්පාගාර සියල්ලේ ජලය හිස්කරනු ලැබූ අතර රාත්‍රියේ දී යළි ජලය පිරිසිදු කිරීම් ආරම්භ කැරිණි.

මාතර පානීය ජල සැපයුම් ලබාගන්නා නිවාස 72,000ක් ඇති බව ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ වනවිට ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම ලබා දී ඇති බවත් එය සම්පූර්ණයෙන් ම විධිමත් කිරීමට තවත් දින දෙකක් පමණ කාලයක් ගතවනු ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කළමනාකරු එස්.කේ.සමන්ත කුමාර මහතා කීවේය.

160120161040 160120161053 - Copy 160120161054 170120161064 - Copy 170120161067