නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. බදාදා රාත්‍රී මොරවක දෙණියාය ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මොරවක, පිටබැද්දර, අකුරැස්ස ස්ථාන කිහිපයක දී ගඟ පිටාර ගලා ඇති බවත් මේ හේතුවෙන් සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බවත් එම ඉංජිනේරුවරු කීහ. අකුරැස්සේ සිට සියඹලාගොඩ, අතුරලිය, කඹුරුපිටිය දෙසට යන මාර්ග ජලයෙන් යටවී තිබූ බවත් මේ වනවිට ජලය බැස යමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි ජලය හේතුවෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබිණි. අවසන් වාර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරු දැරියෝ ගං වතුර හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටියහ.



