නිල්ගල වනයේ තුවාල වී ඔත්පලව සිටි කැලෑ බළලකු අල්ලාගත් ගැමියෝ එම සතා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කළහ. අම්පාර වනජීවී ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා මේ බළලාට ප්‍රතිකාර ලබා දුන්නේය. තුවාල සුවවූ පසු බළලා කැලයට මුදාහරින බව පුෂ්පකුමාර මහතා කියයි.
ජන්ගල් කැට් නමින් හඳුන්වන මේ බළල් විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික නොවූව ද ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඇතැම් වනාන්තරවල පමණක් කලාතුරකින් දැකිය හැකි සත්ත්ව විශේෂයකි.
සාමාන්‍ය බළලකුට වඩා ප්‍රමාණයෙන් විශාල මොවුන් ඕනෑම සතකුට පහර දීමට නොබියව ඉදිරිපත් වෙයි



