‘ශ්‍රී ලංකා ද සෆායර් කැපිටල්‘ (ශ්‍රී ලංකා ඉන්ද්‍රනීල අගනුවර) තේමාව යටතේ ඇමෙරිකා ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13305.50 ) මෙරට ජාතික ආදායමට දායක කර දීම උදෙසා සවිමත් සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නැං වු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධීකාරියේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී පරිසර අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් මෙම ආදායම උපයා ගැනීම ඉලක්කය වී ඇත.
ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියති.
එම නිසා මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට එය රුකුලක් බව කියැවේ .
සියයට අසූවක් පමණ වන මැණික් ප්‍රමාණයක් තවමත් පොළව යට සැඟවී තිබෙන බව මැණික් හා සම්බන්ධ විද්‍යාඥයෝ කියති.
එම නිසා පරිසරයට හානියක් නොවන ආකාරයට සැඟවුණ මැණික් සොයා ගැනීම ප්‍රධාන අරමුණක් වී ඇතැයිද නාරම්පනාව මහතා පැවසීය.දැනට පරිහරණය වන්නේ සීයයට විස්සක් පමණ වන මැණික් ප්‍රමාණයකි.
මැණික් හා ස්ර්ණාභරණ ක්ෂේත්‍රය හරහා වර්තමානයේ ලැබෙන ආදායම ඇමෙරිකා ඩොලර් කෝටි තිස්තුනක් (රුපියල් කෝටි 4391) පමණ වෙයි.

