මැණික් ගරමින් සිටියදී රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණික් ගලක් පතලේ අයිතිකාර ව්‍යාපාරිකයාගෙන් සඟවා රත්නපුර ප්‍රදේශයේ වෙනත් ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට ගිය බව කියන ලග්ගල ප්‍රදේශයේ පතල් සේවකයකු මාතලේ විශේෂ විමර්ශන ඒකකය හා ලග්ගල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලග්ගල මැණික් ව්‍යාපාරික වන කේ. එම් පියදාස මහතාගේ (පොඩි මුදලාලි) පතල් සේවකයා මැණික්ගල රත්නපුරයට රැගෙන ගොස් විකිණිමට සැරසෙද්දී ගැනුම්කාර ව්‍යාපාරිකයා ඒ පිළිබඳව දුරකතනයෙන් ලග්ගල ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත.
ඒ අනුව ව්‍යාපාරිකයා මාතලේ පොලිසියට කළ පැමිණිල්ල අනුව නිල් මැණිකද පොලීසිය භාරයට ගෙන ඇත.

